නව ලොව වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.!

ගවයා පැලය කයි- නෝනා අසල්වැසියාගේ ලින්ගේන්ද්‍රය මිරිකයි

                    






මැදිවියේ පසුවන කාන්තාවක් විසින් අසල්වැසි පිරිමි පුද්ගලයෙකුගේ ඇඳුම් ඉරා ලිංගේන්ද්‍රය දැඩි ලෙස මිරිකීමෙන් බරපතල තුවාල ලැබූ කැකිරාව මහවැලිසූරියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු (04) පස්වරුවේ ප්‍රතිකාර සඳහා හදිසියේ කැකිරාව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහල වෙත මාරු කරනු ලැබුවා.

අදාළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

මෙම කාන්තාවගේ අඹ පැළයක් අදාළ පිරිමි පුද්ගලයාගේ ගවයෙකු විසින් කා දමා ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් බහින්බස්වූ දෙපාර්ශ්වය ගුටිබැට හුවමාරුවක් දක්වා ගොස් තිබෙනවා. සිද්ධියෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා දඹුල්ල හා අනුරාධපුරය රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි පැවසුනේ.

එම කාන්තාවද කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුරය රෝහලට මාරුකර යවා තිබෙනවා.
ගවයා පැලය කයි- නෝනා අසල්වැසියාගේ ලින්ගේන්ද්‍රය මිරිකයි ගවයා පැලය කයි- නෝනා අසල්වැසියාගේ ලින්ගේන්ද්‍රය මිරිකයි Reviewed by Unknown on 2:02 PM Rating: 5

No comments: