නව ලොව වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.!

හොර බිරිඳ සැබෑ බිරිඳ හොයන් ගෙදරට ආවම ඇයව නිරුවත් කර ෆෝන් එකෙන් වීඩියෝ කරපු ඩබල් ගේම්කාරයා





අනියම් සබඳතා නිසාවෙන් පසුගිය කාලය පුරා සිදුවූ ඝාතනයන් සම්බන්ධයෙන් වාර්තා වෙද්දී සිදූව ප්‍රදේශයේ  එලෙස සිදුවූ අනියම් සම්බන්ධයක් වෙනස්ම ආකාරයකින් නිමාවට පත්වුණු පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.
එහිදී සිදුව ඇත්තේ වෙනත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සිය නීත්‍යානුකූල බිරිඳ දැනගත් පසුව අනියම් බිරිඳගේ රෙදි පිහියකින් කපා දමා නිරුවත් කර, පසුව කොණ්ඩයද කපා දමා සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීමයි. 

පෞද්ගලික පාසැලක ගුරුවරියක් ලෙසින් සේවය කරන මෙම පුද්ගලයාගේ අනියම් බිරිඳ සිය මුල් සැමියාගෙන් දික්කසාද වී ඇති අතර පසුව ඇය රද්දොළුගම ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වී තිබෙනවා. මේ අතර 2014 වසරේදී ඇයට ඉහත කී පුද්ගලයා මුණ ගැසී අතර පසුව දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවක් පවත්වා ඔහු ඇයගේ නිවසටද විටින් විට ගොස් තිබෙනවා.
මෙලෙස වෙනත් කතකගේ සුවය විඳි පුද්ගලයාට නීත්‍යානුකූල බිරිඳක්ද සිට ඇති අතර ඇයට මේ පිළිබඳව කිසිවෙක් දැනගැනීමට  ඔහු ඉඩ තබා නැහැ. කෙසේ නමුත් අනියම් බිරිඳ සමඟ තිබූ සම්බන්ධය පසුගිය දිනෙක නතර කිරීමට මොහු කටයුතු කර ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් නිසාවෙනුයි. ඒ අනුව ඔහු ඇය තනිව ජීවත් වූ නිවසට යෑමද නතර කර තිබෙනවා.
මෙයින් කෝපයට පත්වූ අනියම් බිරිඳ වෙන කරන්නට දෙයක් නැති නිසාවෙන් ඉහත කී පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිඳ සොයාගොස් සිද්ධිය සම්බන්ධයෙන් පවසා දෙදෙනාගේ පෙම් හුටපටය ගැනද තොරතුරු හෙළිකර තිබෙනවා. මේ අවස්ථාවේ සැකකාර පුද්ගලයා නිවසේ සිට නැති අතර ඔහුට දුරකථනයේ කතාකර පසුව නිවසට ගෙන්වාගෙන තිබෙනවා.
සැබෑ බිරිඳ සමඟින් අනියම් බිරිඳ සිටිනු දැක මෙම පුද්ගලයාට දෙලොව රත්වී ඇති අතර නීත්‍යානුකූල බිරිඳ විමසා ඇත්තේ මෙම කාන්තාව පවසන්නේ ඇත්තක්ද යනුවෙනුයි.
කියාගන්නට දෙයක් නැතිවුණු තැන ඔහු සිදුකර ඇත්තේ නිවසේ දොරගුළු දමා අනියම් බිරිඳ ගේ තුළට ගෙන ඇයගේ ඇඳුම් පිහියකින් කපා දැමීමයි. පසුව  ඇයගේ කොණ්ඩයද කපා ඇති මොහු නිරුවතින් සිටින ඇයව සිය දුරකථනයෙන් වීඩියෝ කර ඇති බවටද ආරංචි වේ.
මේ සියල්ල නීත්‍යානුකූල බිරිඳද බලා සිට ඇති අතර පසුව කාන්තාවට ඇඳගෙන යන්නට ඇඳුමක් ලබා දී ඇත්තේද නීත්‍යානුකූල බිරිඳ විසිනුයි. පසුගිය 4වනදා සිදුවූ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනියම් බිරිඳ පසුව පොලිසියේ පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හොර බිරිඳ සැබෑ බිරිඳ හොයන් ගෙදරට ආවම ඇයව නිරුවත් කර ෆෝන් එකෙන් වීඩියෝ කරපු ඩබල් ගේම්කාරයා හොර බිරිඳ සැබෑ බිරිඳ හොයන් ගෙදරට ආවම ඇයව නිරුවත් කර ෆෝන් එකෙන් වීඩියෝ කරපු ඩබල් ගේම්කාරයා Reviewed by Unknown on 2:57 AM Rating: 5

No comments: